Tamil (Sri Lanka)English (United Kingdom)
  • Increase font size
  • Default font size
  • Decrease font size
ඔබ මෙතනයි : මුල් පිටුව අපගැන ශ්‍රී ලංකාවේ අධිකරණ ධූරාවලිය

ශ්‍රී ලංකාවේ අධිකරණ ධූරාවලිය

ශ්‍රේෂ්ඨාධිකරණය

ශ්‍රී ලංකා ජනරජයේ උත්තරීතරම සහ අවසානාත්මක ලේඛනොපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයයි.

අගවිනිසුරුතුමා සහ හය දෙනෙකුට නොඅඩු සහ දහ දෙනෙකුට නොවැඩි විනිශ්චයකාරවරු සංඛ්‍යාවකින් ශ්‍රේෂ්ඨාධිකරණය සංයුක්ත වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල
  • අභියාචන අධිකරණ බලය.
    අභියාචනාධිකරණය සහ මුල් අවස්ථා අධිකරණයන්හි සිවිල් හා අපරාධ අභියාචනා පිළිබඳ අවසානාත්මක අධිකරණ බලය.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ බලය.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පනත් කෙටුම්පත් වල ආණ්ඩුක්‍රිම ව්‍යවස්ථානුකූලභාවය විමසීම.
  • මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.
    සිතීමල හෘද සාක්ෂියේ නිදහසල වධ හිංසා වලින් නිදහසල සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකමල අත්තනෝමතික සිර භාරයට ගැනීමල රඳවා ගැනීමේ නිදහසල භාෂණයේ හා සමාගමයේ නිදහස.
  • පාර්ලිමේන්තුව වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධ අධිකරණ බලය.
    ජනාධිපතිවරයණල ඡන්ද පෙත්සම් සම්බන්ධ නඩු විභාගල නීතිඥවරයෙකු ලෙස බදවා ගැනීමල වෘත්තියෙන් අත්හිටුවීම හා වෘත්තියෙන් පහ කිරීම.

ඉහළට

අභියාචනාධිකරණය

අභියාචනාධිකරණය සභාපතිවරයකුගෙන් ද වෙනත් විනිශ්චයකාරවරුන් හය දෙනෙකුට නොඅඩු සහ එකොළොස් දෙනෙකුට නොවැඩි සංඛාවකින් සමන්විත වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හැරුනු විට ලේඛණගත කිරීමේ උත්තරීතර අධිකරණය අභියාචනාධිකරණය වන්නේය.

අභියාචනාධිකරණයේ බලතල
  • අභියාචන අධිකරණ බලය
    මුල් අවස්ථා අධිකරණ සහ අනෙකුත් විනිශ්චය ආයතනයන්හි අභියාචනා අධිකරණ බලය
  • ප්‍රතිශෝධන අධිකරණ බලය
    සිද්ධිය පිළිබඳල නීතිය පිළිබඳ වැරදි නිවැරදි කිරීමේ අධිකරණ බලය
  • මුල් අවස්ථා අධිකරණයන්හි වැඩකටයුතු විමර්ශණය කිරීමේ බලය
    මෙහි ලා නඩු වාර්තා ගෙන්වා සෝදිසි කිරීම කළ හැක
  • අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ දඩුවම් නියම කිරීමේ බලතල
    වසර 08 කට නොඅඩු සිර දඩුවමක් නියම කළ හැක
  • රිට් ආඥ නිකුත් කිරීමේ බලය
    සර්ජියොරාරි ප්‍රොසිඩෙන්ටො මැන්ඩාමුස් සහ වොරොන්ටො රිට් ආඥ නිකුත් කල හැක

ඉහළට

මහාධිකරණය

මුල් අවස්ථා අධිකරණ බලය මෙන්ම අභියාචන අධිකරණ බලය ක්‍රියාත්මක කරන එකම අධිකරණය මහාධිකරණය වේ.

සිවිල් අධිකරණ බලය මෙන්ම අපරාධ අධිකරණ බලය ද ක්‍රියාත්මක කරයි.

සිවිල් අභියාචනා මහාධිකරණය

දිසා අධිකරණයන්හි සිවිල් අභියාචනා කඩිනම් කිරීම අරමුණු කොට සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවා ඇත මෙමගින් දිසා අධිකරණවල අභියාචන විභාග කිරීම සිදු වේ.

මහාධිකරණය හා පළාත්බද මහාධිකරණය

මහාධිකරණ නඩු විභාග මහාධිකරණ විනිශ්චයකාරවරයකු ඉදිරියේ හෝ ජූරි සභාවක් ඉදිරියේ කළ හැකග  නීතිපතිවරයා අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කර නඩු විභාග කරනු ලබන නඩු කටයුතු මහාධිකරණය සංජානනය කරනු ලැබේ.

වාණිජ මහාධිකරණය

වටිනාකම රුපියල් මිලියන 3 ට වැඩි වාණිජ ගනුදෙනු සම්බන්ධ නඩු විමසීමේ අධිකරණ බලය හිමි වේග බුද්ධිමය දේපල පනත යටතේ ගැනෙන නඩු කටයුතු සම්බන්ධ අධිකරණ බලය.

ඉහළට

දිසා අධිකරණය

ස්වකීය අධිකරණ බල සීමාව තුළ සංජානනය කිරීමට දිසා අධිකරණ වෙත අධිකරණ බලය හිමිව ඇති නඩු කටයුතුල සියලූම සිවිල් ආදායම් භාර වස්තු භංගත්ව තෙස්තමේන්තු නඩු කටයුතුල වෛවාහක ආරවුල් දික්කසාද විවාහ ශූන්‍යතා පිළිබඳ පවුල් අධිකරණ බලයල මුග්ධයන් සහ සිහිවිකල තැනැත්තන්ගේ භාරකාරත්වය සහ ඔවුන්ගේ දේපල භාරකාරත්වයල අන්තිම කැමති පත්‍රයක් නොතබා මිය යන තැනැත්තන්ගේ බූදලය සම්බන්ධ තෙස්තමේන්තු නඩුල බාලවයස්කරුවන් ගේ රැකවරණය හා ඔවුන්ගේ දේපල භාරය දැරීම.

ඉහළට

මහේස්ත්‍රාත් අධිකරණය

  • ස්වකීය අධිකරණ බලප්‍රරදේශය තුල දණ්ඩ නීති සංග්‍රහය හා වෙනත් නීතීන් යටතේ බලය පවරා ඇති අපරාධ නඩු සම්බන්ධ අධිකරණ බලය හිමි වේ.
  • මුල් අවස්ථා අපරාධ අධිකරණ බලය.
  • හදිසි මරණ සම්බන්ධව මරණ පරීක්ෂණ පැවැත්වීම.
  • සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට වරෙන්තු අධිකරණ විධාන නිකුත් කිරීම.
  • සෝදිසි වරෙන්තු නිකුත් කිරීම.
  • යහපැවැත්මෙන් සිටීම සදහා පුද්ගලයන් බැදුම්කර වලට ඇතුලත් කිරීම හා පොදු පීඩා වැලැක්වීම සම්බන්ධ නිවාරණ අධිකරණ බලය.

ඉහළට

ප්‍රාථමික අධිකරණ

  • ප්‍රාථමික අධිකරණ ස්වකීය අධිකරණ බල සීමාව තුළ සිවිල් හා අපරාධ අධිකරණ බලය ක්‍රියාත්මක කරයි
  • නඩුවට විෂය වූ ණය වන්දිය හෝ හිමිකමේ වටිනාකම රු 1 500ක් නොඉක්මවිය යුතුය
  • ප්‍රාථමික අධිකරණ නඩු විධාන සංග්‍රහ පනතේ 66 වගන්තිය යටතේ වූ නඩු කටයුතු
  • ඉඩම් වලට බලපාන සාමය කඩවීමට තර්ජනයක් ඇති හා සාමය කඩවීමට ඉඩ ඇති ආරවුල් විභාග කිරීමට සිදු වේ

ඉහළට

අධිකරණ සේවා කොමිෂන් සභාව

අග්‍ර විනිශ්චයකාර වරයා ඇතුලූ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු දෙදෙනෙකුගෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව සමන්විත වේ.

අග්‍ර විනිශ්චයකාරවරයා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නිල බලයෙන් පත් වේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවට ලේකම්වරයෙක් වේග ස්වකීය ලේකම් ධූර කාලය අවසන් වීමෙන් අනතුරුව අධිකරණ සේවා කොමිෂන්  සභාවේ ලේකම් වරයා කිසිදු මුල් අවස්ථා අධිකරණයක විනිශ්චයකාර ධූරයක් නොදැරිය යුතුය.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වරයා මුල් අවස්ථා අධිකරණයක ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරයෙකු විය යුතුය.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ කටයුතු වලට මැදිහත් වීම මහාධිකරණය ඉදිරියේ ජූරි සභාවක් නොමැතිව නඩු විභාග කර රු. 1 500/- දඩයක් ද වසරක සිර දඩුවමක් ද ලැබිය හැකි වරදකි.

ඉහළට

අවසන් යාවත්කාලීන කිරීම 2011 ජූනි 16 වෙනි බ්‍රහස්පතින්දා, 06:50